Wednesday, August 27, 2014

Root නොකරපු Android mobile එකකට සිංහල font ගන්නෙ කොහොමද?

රූට් නොකර android පෝන් එකකට සිංහල ෆොන්ට් ගන්න විදිහ ගොඩක් අය අහනව මම විදිහක් කියල දෙන්නම්. මේක ගොඩක් වෙලාවට හරියන්නෙ samsung මොබයිල් වලට තමා. අනිත් ඒවටත් ට්‍රයි එකක් දාල බලන්න සමහරවිට හරියයි හැබැයි වගකීමක් ගන්න නෑ. ලොකු වැඩක් නෑ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නෙ මේ  ලින්ක් එකෙන් ගිහින් මේ ඇප් එක download කරගන්න එක.  https://play.google.com/store/apps/details?id=com.hongik.fontomizerSP&hl=en මේ ලින්ක් එකෙන් ගිහින් download කරගන්න බැරිනම් ඔයාට පුලුවන් කෙලින්ම play store එකෙන් Fontomizer SP කියන ඇප් එක download කරගන්න.

   ඊට පස්සෙ ඒ ඇප් එක ඕපන් කලාම eror එකක් වගේ එයි. ඒක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඔයාට තෝරගන්න ෆොන්ට් වගයක් ඒවි ඒකෙන් w අකුර හොයාගන්න next page ගිහින්. ඊට පස්සෙ w අකුර click කලාට පස්සෙ එන font වලින් Wiki Android bold කියන font එක download කරගන්න.

හරි ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඒ font eka install කරගන්න එක. Install finish උනහම Settings > Display > Font style ගිහින් wiki android bold select කරන්න. පෝන් එක restart කරහම ඔයාගෙ පෝන් එකේ සිංහල වැඩ කරයි.

එහෙනම් කරල බලන්නකො

No comments:

Post a Comment