Tuesday, August 26, 2014

මිත්‍රත්වය

ගොඩාක් උන් බොන්නෙ පොර වෙන්න සෙට්
එකෙන් හැලෙන හින්ද.. තව උන් ඉන්නව ඌ
බොනව කියල හෙන ගැම්මෙන්
ඉන්නෙ හැමතැනම කියවනව.. ඔය
අතරෙ කෙල්ලො නිසා නාස්ති උනුත් ඉන්නව
එහෙම එකෙක් තමා මගෙ හොඳම යාලුවත්..
අපේ සෙට් එකේ සේරම තූල් පාරෙ ඉඳල
ජොයින්ට් දක්වා සේරම වෙරි ගහනව
ටැබා පවා දානව.. කුඩු ගහන්නෙ නැති එක
විතරයි.. මමත් අවුරුදු 17ක් විතර යනකන් කිසි දෙයක්
කලේ නෑ.. තාමත් බොන තැන බියර් ශොට්
එකක් දාල සින්දුවක් කියාගෙන ඉන්නව.
බොන්නෙ නැති උනාට මං අපේ උන් යන
හැමතැනම යනව සෙට් එකේ තව
බොන්නෙ නැති උන් මේකෙ ඉන්නව නම් දන්නව
ඇතිනේ බීපු උන්ව කොන්ට්රෝල් කරන්න තියෙන
අමාරුව.. උන්ව සේරම බස් වලට නග්ගල ගෙදර
යවන්නෙත් මම සල්ලි නැත්තම් ඒව දෙන්නත්
ඕනෙ මම.. අපේ එකෙක් ඉන්නව ඌ බීල ඉවර උන
ගමන් ඌට බෝතලේ ගෙදරක වහලයකට
විසිකරන්නම ඕනෙ.. නැත්තම් වෙරි නෑලු ඌට..
මම ඉතින් හැමදාම වගේ වීඩියෝ පාරක්
දානව මුන් බීපුවහම.. දවසක් මං ගෙදර ඇවිත්
රෑ වෙලා හෑන්ඩ් ෆ්රී එකත් කනේ ගහන් මුන්
කෙලින පිස්සු බැලුව පෝන් එකෙන්...
හම්මේ එක පාරටම මගෙ හොඳම යාලුව කියනව
"මචෝ සේරටම කියන්නෙ නුවන මෙගෙ යාලුව
මම නැතුව ඌ බිව්වොත් ඌට බියර් එකක් ඇරෙන්න
වෙන දෙයක් දෙන්න එපා බං අපි කාලකණ්නි
උනාට හොඳට ඉන්න උන්ව කන්න එපා කියල. තව
කිව්ව බොක්කටම වදින ඒවා..
අම්මප බං මම හිතන් හිටියෙ ජොයින්ට් එකක්
ටෙස්ට් කරල බලන්න.. ඒත් ඒක ඇහුවහම බියර් ගහන
එකත් එපා උනා..
සමහරක් දේවල් තියෙනව වැඩිහිටියො කියනවට
වඩා යාලුවො කියද්දි බොක්කටම වදිනව.. නරක
යාලුවො ආශ්රය කරහම වලේ වැටෙනව කියන
එක බොරුවක් බං.. මගෙ යාලුවො නරකයි
කියනව නෙමේ ඒත් සිගා ගහල ජොයින්ට් ගහල ගූ
වෙන්න ගිය මාව බේරගත්තෙ මගෙ යලුවො.. ඒ
කරපු දේට මං අදටත් උන්ට කියන හැමවෙලේම
උදව් කරනව..

No comments:

Post a Comment