Wednesday, August 27, 2014

Root නොකරපු Android mobile එකකට සිංහල font ගන්නෙ කොහොමද?

රූට් නොකර android පෝන් එකකට සිංහල ෆොන්ට් ගන්න විදිහ ගොඩක් අය අහනව මම විදිහක් කියල දෙන්නම්. මේක ගොඩක් වෙලාවට හරියන්නෙ samsung මොබයිල් වලට තමා. අනිත් ඒවටත් ට්‍රයි එකක් දාල බලන්න සමහරවිට හරියයි හැබැයි වගකීමක් ගන්න නෑ. ලොකු වැඩක් නෑ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නෙ මේ  ලින්ක් එකෙන් ගිහින් මේ ඇප් එක download කරගන්න එක.  https://play.google.com/store/apps/details?id=com.hongik.fontomizerSP&hl=en මේ ලින්ක් එකෙන් ගිහින් download කරගන්න බැරිනම් ඔයාට පුලුවන් කෙලින්ම play store එකෙන් Fontomizer SP කියන ඇප් එක download කරගන්න.

   ඊට පස්සෙ ඒ ඇප් එක ඕපන් කලාම eror එකක් වගේ එයි. ඒක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඔයාට තෝරගන්න ෆොන්ට් වගයක් ඒවි ඒකෙන් w අකුර හොයාගන්න next page ගිහින්. ඊට පස්සෙ w අකුර click කලාට පස්සෙ එන font වලින් Wiki Android bold කියන font එක download කරගන්න.

හරි ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඒ font eka install කරගන්න එක. Install finish උනහම Settings > Display > Font style ගිහින් wiki android bold select කරන්න. පෝන් එක restart කරහම ඔයාගෙ පෝන් එකේ සිංහල වැඩ කරයි.

එහෙනම් කරල බලන්නකො

පමා වූ අතීතේ

පමා වූ අතීතේ තාමත් හිත යට හඩන්නේ
තනිවෙනා වෙලාවේ තනියට කදුලයි තියෙන්නේ.............
මංගල පෝරුව සමීපේ ඔහු ඔබ අතගත් නිමේශේ
පවසන්නට බැරි සෙනේහේ තාමත් තනිහිත පෙලන්නේ....

කුලුඳුල් සිහිනය සිතාලා
තරුවැල් ගැන ගැන පැතූමා
රන් මුදුවෙන් සිත ඉරාලා
තනිකර යන ඔබ බලාලා
කොහොම ඉන්නද ඉවසාලා
කඳුලින් නෙත්තටු පැලීලා..//

කවදාවත් හිමි නොවේවී
මේ දුකටත් නිමි නොවේවී
ඔය හුලඟත් නුඹ සිඹිද්දී
මා මියගිය බව කියාවී
ඔබට දුක්ගිනි නොලබාදී
මම සමුගන්නෙමි සිනාසී..//

Tuesday, August 26, 2014

ජීවිතය සෙවීම

මං තනිකඩ කොල්ලෙක්ගෙන් ඇහුව
ජීවිතේ කියන්නෙ ඕකද කියල.. ඌ කිව්ව නැහ්
බං ආදරයක් ලැබුන නම් තමා ජීවිතේ කියල.
ඊට පස්සෙ මම ආදරේ කරන කොල්ලෙක්ගෙන්
ඇහුව ඕකද බං ජීවිතේ කියල.. ඌ මට කිව්ව මේක
නෙමේ බං ජීවිතේ පවුලක් වෙලා ලමයි
හදාගෙන ජීවත් වෙන එක තමා ජීවිතේ කියල..
ඊට පස්සෙ මම කසාද බැඳපු එකෙක්ගෙන් ඇහුව
ඕකද බං ජීවිතේ කියල.. ඌ මට බාර් එක පෙන්නල
කිව්ව ඕක තමා බං ජීවිතේ කියල..
ඉතින් මම තීරණයක් ගත්ත

මිත්‍රත්වය

ගොඩාක් උන් බොන්නෙ පොර වෙන්න සෙට්
එකෙන් හැලෙන හින්ද.. තව උන් ඉන්නව ඌ
බොනව කියල හෙන ගැම්මෙන්
ඉන්නෙ හැමතැනම කියවනව.. ඔය
අතරෙ කෙල්ලො නිසා නාස්ති උනුත් ඉන්නව
එහෙම එකෙක් තමා මගෙ හොඳම යාලුවත්..
අපේ සෙට් එකේ සේරම තූල් පාරෙ ඉඳල
ජොයින්ට් දක්වා සේරම වෙරි ගහනව
ටැබා පවා දානව.. කුඩු ගහන්නෙ නැති එක
විතරයි.. මමත් අවුරුදු 17ක් විතර යනකන් කිසි දෙයක්
කලේ නෑ.. තාමත් බොන තැන බියර් ශොට්
එකක් දාල සින්දුවක් කියාගෙන ඉන්නව.
බොන්නෙ නැති උනාට මං අපේ උන් යන
හැමතැනම යනව සෙට් එකේ තව
බොන්නෙ නැති උන් මේකෙ ඉන්නව නම් දන්නව
ඇතිනේ බීපු උන්ව කොන්ට්රෝල් කරන්න තියෙන
අමාරුව.. උන්ව සේරම බස් වලට නග්ගල ගෙදර
යවන්නෙත් මම සල්ලි නැත්තම් ඒව දෙන්නත්
ඕනෙ මම.. අපේ එකෙක් ඉන්නව ඌ බීල ඉවර උන
ගමන් ඌට බෝතලේ ගෙදරක වහලයකට
විසිකරන්නම ඕනෙ.. නැත්තම් වෙරි නෑලු ඌට..
මම ඉතින් හැමදාම වගේ වීඩියෝ පාරක්
දානව මුන් බීපුවහම.. දවසක් මං ගෙදර ඇවිත්
රෑ වෙලා හෑන්ඩ් ෆ්රී එකත් කනේ ගහන් මුන්
කෙලින පිස්සු බැලුව පෝන් එකෙන්...
හම්මේ එක පාරටම මගෙ හොඳම යාලුව කියනව
"මචෝ සේරටම කියන්නෙ නුවන මෙගෙ යාලුව
මම නැතුව ඌ බිව්වොත් ඌට බියර් එකක් ඇරෙන්න
වෙන දෙයක් දෙන්න එපා බං අපි කාලකණ්නි
උනාට හොඳට ඉන්න උන්ව කන්න එපා කියල. තව
කිව්ව බොක්කටම වදින ඒවා..
අම්මප බං මම හිතන් හිටියෙ ජොයින්ට් එකක්
ටෙස්ට් කරල බලන්න.. ඒත් ඒක ඇහුවහම බියර් ගහන
එකත් එපා උනා..
සමහරක් දේවල් තියෙනව වැඩිහිටියො කියනවට
වඩා යාලුවො කියද්දි බොක්කටම වදිනව.. නරක
යාලුවො ආශ්රය කරහම වලේ වැටෙනව කියන
එක බොරුවක් බං.. මගෙ යාලුවො නරකයි
කියනව නෙමේ ඒත් සිගා ගහල ජොයින්ට් ගහල ගූ
වෙන්න ගිය මාව බේරගත්තෙ මගෙ යලුවො.. ඒ
කරපු දේට මං අදටත් උන්ට කියන හැමවෙලේම
උදව් කරනව..